මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ගේ පරීක්ෂණ ගොණුව ඉවත්කරනැයි නියෝජ්‍ය ඇමතිගෙන් නාකොටික් එකට නියෝගයක්.

ලංකාව පුරාම මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ යෙදෙන ප්‍රධාන කොටස් දෙකකි. මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ යෙදෙන බව පිළිගන්නා කොටස සහ අනේ නෑ අපි කුඩු දැකලත් නෑ කියමින් වෙනත් ව්‍යාපාර මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම ඉහලින්ම කරන අයයි.

 කොළඹ දිස්ත්‍රික්කය තුල මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයන් ගේ එක් තෝතැන්නක් වන්නේ කොලොන්නාව ආසනයයි. දැනට එංගලන්තයේ සිටින මාලිගාවත්තේ කුඩුලාල් පවා සිටියේ කොලොන්නාවේ.  මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර අතුරුදහන් වූ  ෆුට්බෝල් රොෂාන් වැනි අයද කොලොන්නාවේ මත්ද්‍රව්‍ය ජාවාරමට හවුල්ව සිටි අය ලෙසට අප සතුව වාර්තා ඇත.

 පසුගිය වසරේ මැයි මාසයේ අප විසින් විශේෂ වැටලීමක් සිදුකලෙමු. ඒ වැටලීමේ දී ගිණි අවියක් සහ හෙරෝයින් සමග මුල්ලේරියාවේ පදිංචි විජේරත්න මුදියන්සේලාගේ දිනේෂ් දර්ශන නොහොත් රම්පයා යන පුද්ගලයාව අත්ඩංගුවට ගතිමු. ඔහුට සම්බන්දකම් තිබූ නවගමුවගේ මහේෂ් දුමින්ද කුමාර පෙරේරා නොහොත් රාල නොහොත් චීපා, මීමනගේ රවීන්ද්‍ර පුෂ්පකුමාර නොහොත් සුදු ආප්පේ සහ රජිත ශ්‍රීමාල් වීරක්කොඩි (මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරපු මන්ත්‍රී වරයෙකි) යන අය වලුන් අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වාගෙන ගියද හදිසි හස්තයක බලපෑම මත එය ඇනහිටීම අදටත් අපට පුදුමයකි.

 මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වරයෙකු වූ 2022 වසරේ වෙඩිතබා ඝාතනය කල සුමුදු රුක්ෂාන් යන අයද මුල්ලේරියාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුන අයෙකි. ඔහුට රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ දැනට මරණ දඩුවම නියමවී සිටින දුමින්ද සිල්වා විසිනි.

 ඔවුන්ට සමගාමීව තවත් පොහොට්ටුවට සම්බන්ද අයෙක් මුල්ලේරියාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමට එක් විය. ඔහු අමිල රාජපක්ෂ නොහොත් අමිලය. ඔහු 2022 අරගලයට එක් වීම නිසා රිමාන්ඩ් බන්ධනාගාර ගතවූ අතර ඉන් ඇපපිට පැමිණි දාසිට මාලිමාවට එක්ව කටයුතු කරන අයෙකි.  ඔහු අද කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී වරයෙකි. ඔහු පිළිබදව ගොණුවක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශය ආරම්භ කරන්නේ 2021 දීය. එයට අමතරව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ද ගොණුවක් ආරම්භ විය.  ඔහුට සහය දක්වන පොලිස් දෙපාර්තමේන්තුවේ හිටපු සහ දැනට සක්‍රිය සේවයේ සිටින නිලධාරීන්ද සිටී. පොලීසිය මගින් ඔහු පිළිබදව සිදුකරන සියළුම පරීක්ෂණ පිළිබදව ඔහුට පූර්ව දැනුම් දීමක් දැනට සක්‍රිය සේවයේ යෙදෙන නිළධාරින් සපයනු ලබයි. නීති විරෝධී වත්කම් කොට්ඨාසය මගින් සිදුකල පරීක්ෂණය වත්මන් ආන්ඩුව බලයට පැමිණි පසු නිශ්ක්‍රීය විය. එය කාගේ බලපෑම මතද යන්න අපි දන්නේ නැත.

ඒත් අප ඒකකය සතුව ඇති අමිල රාජපක්ෂ නැමති මත්ද්‍රව්‍ය ජාවාරම් කරු පිළිබදව පවත්වාගෙන යන ගොණුව වසා දමන ලෙසට වත්මන් පොලීසිය භාර නියෝජ්‍ය ඇමති සුනිල් වටගල ඍජු උපදෙස් ලබාදුන් බව පමනක් අපි දනිමු. පොහොට්ටු වේ කුඩු සහ අයිස් වෙනුවට මාලිමාවේ පුනරුද කුඩු සහ අයිස් ලැබීමට තරම් පිංවතුන් මුල්ලේරියාවේ සිටීම අපිට සතුටකි.

 ( පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශයේ නිළධාරියකු විසින් විද්‍යුත් තැපෑලට යොමුකල ලිපියකි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *