අයථා ලෙස දීමනා ලබාගත්  මහනුවර මහ නගර සභාවේ වෛද්‍ය නිලධාරියෙක්    විගණන පරීක්ෂණ ආරම්භ කරද්දී ස්වේච්ඡාවෙන්  විශ්‍රාම  ගිහින්

මාළිමා  පාලනය යටතේ පාලනය වන මහනුවර මහ නගර සභාවේ  ප්‍රධාන සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරියා විසින් වැරදි වාර්තා  ඉදිරිපත් කර වැටුප් සහ අතීකාල දීමනා ලබා ගැනීම සම්බන්ධයෙන් නගර සභා අභ්‍යන්තර විගණන අංශය  පරීක්ෂණ ආරම්භ  කර තිබෙන බව මහනුවර මහ නගර සභාවේ නිලධාරියෙක්  පැවසීය.

මෙම සිද්ධිය   අනාවරණය වීමත් සමග     මෙම  වෛද්‍ය නිලධාරියා විශ්‍රාම  ලබාගෙන   සේවයෙන් ඉවත්ව තිබේ.

මොහුට මහනුවර මහ  නගර සභාවෙන් ගෙවා ඇති  මුදල රුපියල් ලක්ෂ  හයකට අධික බවද ,මේ මහජන බදු මුදල් බවද නගර  සභාවේ නිලධාරියා වැඩි දුරටත් කීය.

මෙම  අනීතීක ගෙවීම් සම්බන්ධයෙන් අනුමැතිය ලබා දුන් නගර සභාවේ නිලධාරින්ද නිරුත්තරවී සිටින බන පැවසේ.තනතුරේ සිටියදී නගරයේ සෞඛ්‍ය ආරක්ෂිත  තත්ත්වය පිළිබඳව  අබැටක දෙයක් සොයා බැලීමක් නොකල මෙම වෛද්‍යවරයා නිතරම සීත කාමරයට වී පරිගණකය විවෘත කරගෙන එදෙස  බලා සිටියා ඇරෙන්නට  නගරයේ සෞඛ්‍ය ප්‍රයර්ධනයට  වැඩක් නොකල බව නගර සභාවේ නිලධාරින්ම පවසයි.මෙම නිලධාරියාට  ගෙවූ  මහජන බදු මුදල් අයකර ගැනීම පිළිබඳව මේ දිනවල නගර සභාවේ නිලධාරින් අතර  සාකච්ඡා වෙමින්  පවතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *