ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ සහ පලාත් මාර්ග සංවර්ධන අධිකාරිය මීමුරේ මාර්ගය පිළිබඳ නිසි නිරීක්ෂණ වාර්තා ලබා නොදෙන නිසා ,මීමුරේ ගමට මහනුවර සිට ධාවනයට යොදවා තිබී,දිට්වා ආපදා නිසා ,මාස පහක් තිස්සේ නවතා ඇති ලංගම බස්රිය ධාවනයට යොදන්නේ නැති බව මීමුරේ ජනතාව පවසති.රජය දැඩි ලෙස මහජන අප්‍රසාදයට පත් කරවන මහනුවර ලංගම ප්‍රාදේශීය කාර්යාලයේ සහ පලාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ලොක්කන් කීප දෙනෙක් එක්ව මෙම වාර්ථාව ලබා නොදෙන බව සදහන්වේ.
මහනුවර ලංගම ප්‍රාදේශීය කළමණාකරු වන හිටපු ඇමති දිලුම් අමුණුගමගේ හෙංචයියෙක් වන පුද්ගලයා මී මුරේ බසය ධාවනයට යොදවන්න ඉඩ නොදෙන බව මීමුරේ ජනතාව පවසති.
හුන්නස්ගිරියේ සිට මී මුරේ දක්වා මාර්ගය දැනට වාහන ධාවනය කරන තත්ත්වයට ප්‍රතිසංස්කරණය වී තිබෙන නමුත් ලංගම බස්රථය ධාවනය කරවීමට මහනුවර ලංගම ලොක්කන් අවසර නොදීම නිසා ,බසය නොමැති වීමෙන් මීමුරේ ජනතාවට විශාල මුදලක් වැය කර පුද්ගලික වෑන් රථවල නගරයට (හුන්නස්ගිරියට)ඒමට සිදුව තිබේ.මීමුරේ ගමේ සිට හුන්නස්ගිරිය නගරයට එක් අයෙකුට රුපියල් 400/=;ක් ,පුද්ගලික වෑන්රථවල අයකරති.
මීමුරේ මාර්ගය වාහන ගමන් කල හැකි තත්ත්වයේ පවතින බවද,පාළම් පවා ශක්තිමත්ව තිබෙන බවද ,ගම්මු පවසති.
කුඩා වෑන්රථ ,ජීප් රථ ,කාර්රථ ත්‍රිරෝද රථ සහ ට්‍රැක්ටර් රථ පවා ධාවනය කල හැකි හුන්නස්ගිරිය මීමුරේ මාර්ගයේ ලංගම බස්රිය පමණක් ධාවනයට නොයොදවා නවතා ඇත්තේ ඇතැම් රාජ්‍ය නිලධාරින්ගේ කඩකප්පල්කාරී අදහස් නිසා බව මීමුරේ ජනතාව චෝදනා කරති.

