හේෂා නිහඩ කිරිම තමයි මරු

ක්‍රිකට් ක්‍රීඩාවේ බරපතල කඩා වැටීමක් ගැන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියත් සමග රට තුළ කතා බහට ලක්ව තිබෙනවා.
ක්‍රිකට් ගැන කලකට උඩදී පාර්ලිමේන්තුවම කතා වෙලා ෂම්මි ඇතුළු පරිපාලනය එළවා දමන්න තීරණය කළත් අන්තිමට සිදු වුණේ හිටපු ක්‍රීඩා ඇමති රොෂාන්ට ගෙදර යන්නයි.
ෂම්මිලාගේ සල්ලි වලට බොහෝ දෙනා යට වෙද්දි බොහොම නීර්භීතව පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතත් හඬ නැගූ එක් විපක්ෂ මන්ත්‍රීවරයෙක්වු හේෂා විතානගේ දැන් කලක පටන් නිශ්ශබ්ද විලියම් කෙනෙක් වෙලා.
පාර්ලිමේන්තුවෙත් ක්‍රිකට් ගැන වචනයක්වත් කතා කරන්නෙ නැහැ. ඒ තබා ආණ්ඩුවට එරෙහිව මුකුත් කියන්නෙත් නැහැ.
විපක්ෂයේ ප්‍රබල කථිකයෙක් වුණු මේ තරුණ මන්ත්‍රී වරයා දැන් පාර්ලිමේන්තුවේ මීක් නැහැ.
එයට හේතුව මේට්ලන්ඩ් පෙදෙසින් ලැබුණු මිලියන 50 ක කුට්ටියක් නිසා බව වාර්තා වෙනවා.
මේ කපුකම කරල තියෙන්නෙත් විපක්ෂයේම තවත් මන්ත්‍රීවරයෙක් බවත් දැන ගන්න තිබෙනවා.ඔහුත් ලීග් ක්‍රිකට් වලට සම්බන්ධ අයෙක්.දෙයියන්ගෙ මල්ලිට කරන්න බැරි දෙයක් නැති බවට මේකත් හොඳ උදාහරණයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *