ගල්කිරියාගම සිවිල් ආරක්ෂක බළකා මූලස්ථානය හා උසස් පුහුනු පාසලේ අණදෙන නිළධාරි ලෙස රාජකාරි කරන කර්නල් අයි. ඩී. එස්. ධර්මරත්න එම පුහුණු පාසලේ භටවරියන් හට පහත් අන්දමින් සලකන බවට වාර්තාවේ.
භටයන් ඉදිරියේ සිවිල් ආරක්ෂක කතුන් හට පරුෂ වචනයෙන් බැන වදිමින් භටවරියන්ගේ ආත්ම ගරුත්වය විනාශ කරන බවට චෝදනා එල්ල වේ.
මේ හේතුවෙන් එක් කාන්තා භටවරියක් ඩිප්‍රේශන් තත්ත්වයක පසුවේ. දැනට ඇය ආඩියාගල රෝහලේ ප්‍රතිකාර ලබා අසනීප නිවාඩු ගෙන නිවසේ සිට ප්‍රතිකාර ලබයි.
මෙම මුලස්ථානයේ කාන්තා භටවරියන් ලිපිකරු රාජකාරියේ නිරත වන්නය. ඔවුන්ට සිදුකරන අඛණ්ඩ හිරිහැර කිරිම් නිසා බොහෝ අය වෙනත් ස්ථාන කරා යාමට උත්සාහ දරති.
ආසන්නම සිදුවීම වන්නේ මෙම පුද්ගලයාගේ උදහසට ලක්වු භටවරියන් පැය එකහමාරක පමන කාලයක් අධික අව්වේ තබමින් ඔවුන් හට බැනවැදීමත් ඒ අවස්තාවේ එක කාන්තා උපනියාමකවරියක් ක්ලාන්තව ඇදවැටිම හේතුවෙන් ගල්කිරියාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීමයි. ඇය දියවැඩියා රෝගී කාන්තාවක් වන අතර මෙම තත්වය උඩ එම රෝගී තත්වයද උත්සන්න වී ඇත.
සෑම විටකම කර්නල් ධර්මරත්න පවසන්නේ ” මම ආවේ ආරක්ෂක ඇමති ආනන්ද විජේපාලගේ නියමයෙන් මාව මාරු කරන්න හරි යවන්න හරි උඹලගේ DG ට වත් කරන්න පුළුවං එකක් නෙවෙයි. ඒක මතක තියාගනිල්ලා යැයි” කියමිනි.
2026-02-13

