පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය යනු කලින් කලට විශේෂ තොරතුරු මවන පොලීසියේ ඇති අංශයකි. වරක් මෙහි සේවය කල පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් ඇතුළු කන්ඩායමක් රට වටිං පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කරන ලද වැටලීම් වලින් සොයා ගන්නා මත්ද්‍රව්‍ය තොග සහ සිල්ලරට මත්ද්‍රව්‍ය ජාවරම් කරුවන්ට නැවත විකුණා තිබුණි.
වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු හිටපු මත්ද්‍රව්‍ය කාර්යාංශයේ බොහෝ දෙනෙකුට කාර්යාංශයෙන් පිටතට ස්ථාන මාරුවීම් ලබා දුණි.
මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ප්‍රධානියා ලෙසට පත්වන්නේ නියෝජ්‍ය පොලිස්පති ඔෂාන් හේවාවිතාරණය. ඔහු අයිස් යටිං ගින්දර ගෙනියන අයෙකි. ඔහුගේ හොදම මිතුරා ඩුබායි රාජ්‍යයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම, මිණී මැරවීම, කප්පම් ගැනීම ඇතුළු අපරාධ රැසක් සිදුකරන දෙවුන්දර දෙහි බාලාය. සම්බන්දය කොතෙක්ද කිව හොත් නියෝජ්‍ය පොලිස්පතිට දෙහිබාලාගේ දෙවුන්දර නිවසේ වෙන්කරන ලද කාමරයක්ද ඇත.
ඩීඅයිජී ටම සෙට්වෙන වැඩ බලන ඕඅයිසී කෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබී ඇත. ඔහු නමින් ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ එන් ජයරත්නය. ඔහු විසින් සිදුකරන ලද විශිෂ්ට ක්‍රියාවන් මෙසේය.
ඩීඅයිජී ඔෂාන් හේවාවිතාරණ ගේ හොඳම මිතුරා වන දැනට ඩුබායි රාජ්‍යයේ සිටින දෙවුන්දර දෙහි බාලා සහ මොරිල් යන දෙදෙනා විසින් තංගල්ලේ කළු සාගර හරහා දෙහිබාලාගේ පුතාවන පී එම් හේෂාන් සත්සර හට හෙරෝයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් එවා තිබුණි. ඒ lMULA 0088 TCO බහුදින යාත්‍රාවෙනි. මෙම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කිරීම ගැන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ඩීඅයිජී ඔෂාන් හේවාවිතාරණ දැන සිටියේය. ඒත් ඔහු නිහඩව සිටියේය.නමුත් මෙම බහුදින යාත්‍රාව ගැන තොරතුර රාජ්‍ය බුද්ධි අංශ හරහා නාවික හමුදාවට තොරතුරු ලැබී තිබුණි. නාවික හමුදාව පසුගිය මැයි 28 දින මෙම යාත්‍රාව හෙරෝයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 166 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 253 ක් සහ සැකකරුවන් 4 ක් සමග අත් අඩංගුවට ගත්තේය. මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් නාවික හමුදාව විසින් ගොඩබිමට ගෙන එන තෙක් අදාල වැටලීම ගැන කිසිවකු දැන සිටියේ නැත.
මේ පිළිබදව වැඩිදුර විමර්ශනය සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට බාර කෙරෙණි. එහිදී බෝට්ටුවේ ස්කීපර් වරයාට සැටලයිට් දුරකතනයක් ලබා දී තිබූ අතර එය ලබාදුන් පුද්ගලයා ලෙසට දෙවුන්දර ,කපුගම බටහිර,තණහේන ලිපිනයෙහි පදිංචි අනුරුද්ධ රත්නායක ( ජාතික හැදුනුම් පත් අංකය 971033231 V )යන අයව අත් අඩංගුවට ගෙන රැදවුම් බාරයේ තබාගෙන වැඩිදුර විමර්ශනය කළේය. එසේම එම පුද්ගලයා ශ්‍රීලංකා යුධ හමුදාවේ සංඥා බලකායේ සෙ 754412 යටතේ සේවය කරන ලාන්ස් කෝප්ප්‍රල් වරයෙක් බවටද කරුණු අනාවරණය විය. සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ අංක එක ඉදිරියට සැක කරුවන් සියළුම දෙනා ම/උ 47183/01/2025 යටතේ ඉදිරිපත් කර රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේය.
මෙම නඩුව වැඩිදුර විමර්ශනයන්හි ප්‍රගතිය වාර්ථා කිරීම සදහා පසුගිය ජුනි 27 වෙනි දින කැදවන ලදි. එහිදී සැකකාර අනුරුද්ධ රත්නායක වෙනුවෙන් පෙනීසිටි නීතීඥ වසන්ත පිටිගල විවෘත අධිකරණයේදී කියා සිටියේ තම සේවාදායකයාට මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂක වරයා විසින් පහර දුන් බවයි. නීතීඥයා එසේ කියන විටම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ එන් ජයරත්න කෲර වදහිංසා ආඥාපනතේ පිටපතක් නීතීඥයාට ලබාදී ඒ හරහා කරුණු ඉදිරිපත් කරන ලෙසට නීතීඥයාට උපදෙස් ලබා දී ඇත.
එසේම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ විමර්ශන උධෘත නීතිපතිවරයා වෙත යොමු කල පසු සමහර අඩුපාඩු සකස් කිරීමට හා විමර්ශන සිදුකිරීමට උපදේශ් ලබාදීමට විමර්ශන නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවට කැදවන විට ඒ සඳහා වැඩ බලන ස්ථානාධිපති ගොස් විමර්ශනයේ අඩුපාඩු උපරිම මට්ටමට පෙන්වා අධි චෝදනා ගොනු කිරීමෙන් ඵලක් නොමැති බවට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මනසේ මතයක් ඇති කර ඇත. අවසානයේ නීතිපතිවරයා විසින් විමර්ශනයට අදාළව නඩුවක් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවට දැනුම් දෙයි. එසේ සිදු කරන්නේ වසන්ත පිටිගල නීතිඥයා සමග ඇති ඩීල් එක හේතුවෙනි.
තවද බොරැල්ල බෞද්ධාලෝක මාවතේ පදිංචිව සිටිනා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකුසේම මත්ද්‍රව්‍ය වැරදි වලට අධිකරණයේ නඩු පවරා ඇති ඇති අයට එම නඩු වලින් නිදහස් වීමට රස පරීක්ෂක වාර්තා වෙනස් කිරීම ඇතුළු ඩීල් ගනනාවක් සිදුකරන සුන්දරා සමගද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැඩ බලන ඕඅයිසී හොදින්ම සම්බන්දය. නඩුව ගොණු කිරීමේ අඩුපාඩු. බී වාර්ථාවේ ඇති අඩුපාඩු සියල්ල සුන්දරාට ලබා දෙන්නෙ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේමේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රපොප කේ එන් ජයරත්න විසිනි.
ජනාධිපතිතුමාගේ දැක්ම 2030 වන විට ශ්‍රී ලංකාව මත් උවදුරින් බේරාගැනීම උවත් මේ යන ලෙසට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැඩ බලන ඕඅයිසී කේ එන් ජයරත්න 2026 වන විට ශ්‍රී ලංකාව ලොව වැඩිම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නන්ගේ දිවයින බවට පරිවර්තනය කරණු ඇත. ඔහුට එය කිරීමට ඉඩදී බලා සිටිනවාද නැතිනම් ජනාධිපති වරයාගේ දැකම ඉදිරියට ගෙනයාම සදහා මෙවන් ඕඅයිසී ලාව ඉවත්කරනවා ද යන්න පිළිබදව වත්මන් වැඩ බලන පොලිස්පති තුමා ගේ සහ පොලිස් කොමිසමේ වගකීම වන්නේය.