මර්ගස්ථ ප්‍රවාහන ලොක්කන් අල්ලස් දැලට හසුවෙිද්දි

මහනුවර හා මාතලේ කාර්යාලවල ලොක්කන් සලිතවෙයි

මධ්‍යම පලාත් සභාවේ මාර්ගස්ථ මගී ප්‍රවාහණ අධිකාරියේ නුවරඑළීය දිස්ත්‍රික්කයේ වැඩ බලන කළමනාකරු වන ඒ ඩී එස් ප්‍රියංකර සහ එම කාර්යාලයේ ලිපිකරුවෙකු වූ අබේකෝන් යන දෙදෙනා  පුද්ගලික බස් බලපත්‍රයක් අලුත් කිරීම සඳහා රුපියල් තිස්දහසක (30000) අල්ලස් ගනිද්දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ   අංශයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගැනීමත් සමග මධ්‍යම පලාත් මාර්ගස්ථ ප්‍රවාහන  අධිකාරියේ මහනුවර ප්‍රධාන කාර්යාලයේ සහ නුවරඑළිය  මාතලේ කාර්යාලවල පගා මරුවන් සලිත වී සිටිති.

මහනුවර ගම්උදා භූමියේ  ආසන්නව පිහිටි මධ්‍යම පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහණ අධිකාරියේ  පගා මරුවන්ද   මෙම සිද්ධියත් සමග සලිත වී සිටින්නේ    එම කාර්යාලයේද පුද්ගලික බස් කටයුත්තකදී  අල්ලස් මුදල් ලබා ගන්නා බව පුද්ගලික බස් රථ හිමිකරුවන්  සහ පුද්ගලික බස් සේවකයන් පවසති.

 අල්ලස්  නොදී මහනුවර කාර්යාලයකින් තමන්ට කිසිදු කාර්යයක් කර ගැනීමට නොහැකි බවත්,අඩු වශයෙන් රුපියල් 200 ක් ලබා නොදී පුද්ගලික බසයක ධාවන වේලාවවත් සටහන් කර ගැනීමට නොහැකි බව පවසයි. පුද්ලික බස් සේවකයෝ පැවසුවේ මාර්ග පරීක්ෂවරුන්ට  මහ මගදී සන්තෝෂම් ලබා නොදී බසය පාරේ ධාවනය කරවීමටද නොහැකි බව පැවසුහ.

මහනුවර හා මාතලේ කාර්යාලවල ලොක්කන් සලිතවෙයි

අල්ලස් සිද්ධියට අත් අඩංගුවට පත් මාර්ගස්ථ මගී ප්‍රවාහණ අධිකාරියේ  නිලධාරින් දෙදෙනා අධිකරණ නියෝග මත කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර.අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාව සිද්ධියට අදාළව  වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

4 Comments

  1. Wow that was strange. I just wrote an very long comment but after I clicked submit my comment didn’t show up. Grrrr… well I’m not writing all that over again. Regardless, just wanted to say excellent blog!

  2. Hi there! Do you know if they make any plugins to help with Search Engine Optimization? I’m trying to get my blog to rank for some targeted keywords but I’m not seeing very good results. If you know of any please share. Many thanks!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *