අවතැන්වුවන් 2000කට බෙදා දිමට ගෙන ආ බඩු උඩදුම්බර ලේකම්කාර්යාලයේ ගොඩගසා ගෙන

උඩදුම්බර නායයාමෙන් අවතැන් වූ පවුල් 2000 ක ,සාමාජික සාමාජිකාවන්ට බෙදා දීම සඳහා පරිත්‍යාග ශීලීන් ලබා දුන් ටොන් ගණනක ආහාර ද්‍රව්‍ය රෙදිපිළි නිසි කළමණාකරණයක් නොමැති කමින් ,ප්‍රදේශීය ලේකම් වරියගේ දුර්වල සහ අලස රාජකාරී තත්ත්වය නිසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගොඩ ගසා ඇත.
ආහාර ද්‍රව්‍ය හිඟ කමින් හුදකලා වී සිටින මීමුරේ ජනතාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉල්ලා සිටියදී උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් වරිය පැත්ත පලාතක නොඑන බවට ජනතාව චෝදනා කරති මෙම ආහාර තොග කාමර වල ගබඩා කර තැබීම නිසා ඒවා කල් ඉකුත් වන බව කාර්යාල සේවකයන්ද පවසයි.


ආපදා සහන කටයුතු වලට පැමිණ සිටින සහන නිලධාරින්ද උඩදුම්බර ප්‍රාදේශීය ලේකම්වරියගේ දුර්වල අකාර්යක්ෂම පරිපාලනයට දොස් කියති.මෙම සහනාධාර හොර පාරේ යන බවද අවතැන් ජනතා පවසති. තොරතුරු දැන ගැනීම⁣ට වගකිවයුතු නිලධාරින් ප්‍රාදේශීය ⁣, ලේකම්වරිය දුරකතනයට එන්නේ නැත . මෙම තත්වය නිසා අවතැන් ජනතාව රජයටත් පලාතේ ආණ්ඩුවේ මැති ඇමති වරුන්ටත් දොස් පවරති.එහෙත් ප්‍රාදේශීය ලේකම්වරිය හිතුවක්කාර ලෙස මෙම ආහාර ද්‍රව්‍ය සහ බඩු ලැබිය යුත්තන්ට ලබා ⁣නොදී ඒවා සිය කාර්යාලයේ ගබඩා කරගෙන ඇතැයි අවතැන් ජනතාව පවසති.
ජනාධිපතිවරයාත් ,රජයත් පලාත් ආණ්ඩුකාරවරයාත් මහනුවර දිසාපතිවරයාත් වහා මැදිහත් වී මෙම ආහාර තොග අවතැන් වූවන්ට බෙදා දිය යුතු බව අවතැන් ජනතාව පවසති.උඩදුම්බර පවතින බරපතළ නා⁣යයාම් අනතුර නිසා අවතැන් වූවන් රන්ටැඹේ හමුදා කඳවුරට යවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *